දඩයම ඇරඹෙයි - තිලංගගේ නිලවරණ වෙට්ටුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි
07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර නිලවරණ සටනට ඉදිරිපත් නොවන බව හිටපු
සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ ඉදිරිපත්වීම
අභියෝගයට ලක්කළ නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තිබෙනවා. එවන් පසුබිමක මෙලෙස නිවේදනය
කළ විට එම නඩුව ඉවත්වීම සාමාන්‍යයි. එහෙත් මෙවර එය සිදු නොකර තිලංගට යලි ක්‍රිකට්
පරිපාලනයට ඉදිරිපත් නොවීමට අවශ්‍ය කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා. ඒ මෙම නඩුව
පවත්වාගෙන යමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සටනට තිලංග පාර්ශ්වය නියෝජනය කරමින් එක්ව ඇත්තේ හිටපු සභාපති මොහාන් ද සිල්වා හා ශම්මි
සිල්වායි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට වැඩි ප්‍රසාදයක් ඇත්තේ නැහැ. හිටපු උප සභාපති
කේ මතිවානන් මහතාට වැඩි වාසියක් ඇතිවී තිබෙන්නේ මෙම තත්වයත් සමගයි.
ක්‍රිකට් කෙතරම් බිද දැමුවද ක්‍රීඩා සමාජ පාලකයිට ලබාදී ඇති වරදාන වරප්‍රසාද හේතුවෙන් තිලංගට ඇත්තේ ඉහළම තැනක්. 1996 වසරේ ක්‍රිකට් ලෝක
කුසලානය ජයග්‍රහණය කිරීමට නායකත්වය ලබා දුන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරක්
කියා සිටියේ ක්‍රිකට් නිලවරණයේ තිලංග සමගින් මහින්ද රාජපක්ෂ ඉල්ලුවද ජය ගන්නේ
තිලංග බවයි. එය මෛත්‍රී හා රනිල්ටද පොදු බවත් ඔහු කියා සිටියා.
මෙවන් ඒකාධිපති තත්වයක් තිබියදී මෙවර ක්‍රිකට් සභාපති
අපේක්ෂක කේ මතිවානන් හමුවේ තිලංග පසුබා සිටිනවා. ඒ මිස්ට ක්ලීන් නම් විරුධාවලිය
ලැබීම හේතුවෙන් පමණක් නොව ඔහු මිනිසකු ලෙස සියල්ලන් සමගින් දක්වන මිනිසත්කම හේතුවෙනුයි.
තත්වය මෙසේ වෙද්දී මතිවානන්ගේ ජන්ද පදනමට පහරදීම
තිලංග ආරම්භ කර තිබෙනවා. දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය අනිද්දා පැවැත්වීම
වාරණ කරමින් කෙළඹ දිසා අධිකරණ වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම නඩුව දකුණු පළාත් ක්‍රිකට් සංගමයට එරහිව කොළඹ දිසා අධිකරණයේ ගොනුකර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සේවකයෙක්. ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන සේවකයෙක්ට නිලවරණයක් පැවැත්වීම වාරණ කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි ප්‍රශ්නයක් මතුවනවා. තිලංග වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස දීමට එහෙයියන් සිටින බව මෙමගින් පෙනීයනවා. මෙම නඩුවෙන් බලාපොරොත්තුව වී ඇත්තේ මතිවානන්ගේ එක් ජන්දයක් නැති කිරීම හා අනෙකුත් ජන්ද දායකයින් බිය වැද්දීමේ අරමුණ බවට මත පළවනවා. කෙසේ වෙතත් මෙම තත්වයත් සමග සහය ලබාදීමට එකග නොවූ ක්‍රීඩා සමාජ කිහිපක්ද මතිවානන්ට සහය ලබාදීමට
කැමැත්ත පළකර ඇතැයි ද සදහන්.
තිලංග ජන්ද දඩයම මෙතකින් අවසන් කරන ආකාරයක් දක්නට
ලැබෙන්නේ නැහැ. හොද හොද සෙල්ලම් එලිවෙන
ජාමෙට.
No comments