පසුපෙළ හේදෙයි - යලි මැතිව්ස් සටනේ
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට්
තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 104 කට සීමාවුණා. සෙන්චූරියන් හි
පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්රී ලංකා නායක දිනේෂ්
චන්දිමාල් තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා
දැවී ලබාගත්තේ ලකුණු 178 ක් පමණයි. ටෙස්ට් පිටියේ සිය හොදම පන්දු යැවීම සටහන් කර
ගනිමින් සුරංග ලක්මාල් කඩුලු 05 ක් දවා ගත්තා. ලහිරු කුමාර තවත් කඩුලු 03 ක් දවා
ගත්තා. තරගයේ පළමු දිනය නිමාවන විට කණ්ඩායම් දෙකේ කඩුලු 14 ක් දැවීගොස් තිබුණා.
පළමු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී
ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 04 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියා.
තරගයේ දෙවන දිනය වු අද ( 27 ) තරග ආරම්භයේ සිටම තණතීරුවේ හැසිරීම අවබෝධ කර ගැනීමට ශ්රී
ලංකා පන්දු යවන්නන් සමත්වුනේ නැහැ. මේ අනුව ඉනිමේ අවසන් කඩුලු 06 ලකුණු 16 කට දැවී
ගියා. වැඩිම ලකුණු ලැභියා වූ ඇන්ජලෝ මැතිව්ස් එක් අන්තයක හුදකලා වීම හේතුවෙන් නොදැවී
ලකුණු 33 ක් ඉනිමට එක්කළා. ඔහු යලිත් සනාථ කර ඇත්තේ තමන්ට තවමත් හැකි බවයි. මෙම
තණතීරුව තණකොල සහිත වේග පන්දු යවන්නන්ට වැඩි හිතකර බවක් පෙනෙන්නට තිබෙනවා. ශ්රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් 04 දෙනාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේ කිසිදු ලකුණක් නොලබායි. ඒ ටෙන්ට් බෝල්ට්ගේ පන්දු හමුවේයි. මේ අනුව ඔහු ඉනිමේ කඩුලු 06 ක් දවා ගත්තා.
No comments