• Breaking News

    ආචි ශිලර්ට ඉන්දියාව දෙන්න යන දේ


    ඉන්දීය කණ්ඩායම සමග හෙට ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලීය කණ්ඩායම මෙහෙය වීමේ සම වගකීම දරුණු හෘද රෝගයකින් පෙලෙන ආචි ශිලර් ට ලබාදීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ නිත්‍ය නායක ටිම් සමග එක්වයි. ආචි 07 වන වියේ පසුවනවා. මාස 06 සිට ශල්‍යකර්ම කිහිපයකටම ලක්කර ඇති ආචිට ඇත්තේ දුර්ලභ රෝගයක්. මෙම රෝගීන් කොතෙක් දිනක් ජීවත් වනු ඇත්දැයි වෛද්‍යවරුන්ට පවා කිව නොහැකියි. ඒ ඔවුන්ගේ ජීවිත කාලය කෙටිවීම හේතුවෙන්.
    ආචිගේ ආසාව වූයේ කවදා හෝ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමයි. ඉන් ඔබ්බට ගොස් එම බලාපොරොත්තුව ඉටු කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කළේ එරට ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ ඉල්ලීමකට අනුවයි.
    දැන් ආචිගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඉන්දීය නායක විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමයි. පිට දග පන්දු යවන්නකු ලෙස පන්දු යොමු කරන හත් හැවිරිදි ආචි ඊට පසුගිය සතිය පුරාම පුහුණුවී තිබෙනවා. ඔහුට වෙනම ඇදුමක් හා උපකරණ ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
    මේ අතර ඉන්දීය නායක විරාත් කෝලි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආචිගේ පන්දුවක් හමුවේ දැවීයාමට බලාපොරොත්තු වන බවයි. තරගයේ තීරණයට බලපෑමක් ඇති නොවන ලෙස එය සිදු කරනු ඇති. දරුවකුගේ අවසන් කැමැත්තට රටවල් දෙකක් මෙලෙස කටයුතු කිරීම අගය කළ යුතුයි. ආචිගේ ජීවිතය තවත් සති කිහිපයක් වුවත් එය බලාපොත්තු ඉටුවූ ලොවක් කථාකළ කාලයක් වනු ඇති. මුදලට තරග පාවාදෙන ක්‍රීඩකයින් හා පාලකයින් සිටින ශ්‍රී ලංකාවට මෙය වෙනස්ම අත්දැකීමක් බව මේ වන විට පත්ව අවසන්.

    No comments