• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහානාමට ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන පෙබරවාරි 07 වැනිදායි. එහි සභාපති සටනට ජයන්ත ධර්මදාස / කේ මතිවානන් / මොහාන් ද සිල්වා හා ශම්මි සිල්වා යන මහත්වරුන් නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රීඩා පණත අනුව පරිපාලනයට ඉදිරිපත් විය හැක්කේ ක්‍රීඩා තරග සදහා ඉදිරිපත් වූ ක්‍රීඩකයින්ට පමණයි. එසේ තිබියදී ජයන්ත ධර්මදාස මහතා ඉදිරිපත්වීම ගැටළුකාරී වී තිබෙනවා. නවලෝක රෝහලේ හිමිකරු වන ඔහු කීර්තිමත් ව්‍යාපාරිකයෙක්. ක්‍රීඩකයෙක් නොවේ. එහෙත් විවිධ කාලවල් වල ක්‍රිකට් අතුරුකමිටු සභාපතිවරයකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අනුව ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව ලත්තැනම ලොප්වනු ඇති.
    මේ අතර නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට අතුරුකමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති තනතුර රොෂාන් මහානාමට ලබාදීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වනවා. ඒ සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අනුමැතිය ලබාගත යුතුයි. ඒ ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 09 වැනිදාට පෙර පැවැත්විය යුතු බව ඔවුන් නිවේදනය කර තිබීම හේතුවෙන්. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සමගින් ලබන 27 වැනිදා හෝ ඊට ආසන්න දිනක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යාමට නියමිත බව වාර්තා වනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම යෝජනාවට එකග නොවුන ඇති. ඒ ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්විය යුතු බව ඔවුන් මීට මාස 08 කට පෙර ශ්‍රී ලංකාවට දැනුම්දී තිබීම හේතුවෙන්.

    No comments