• Breaking News

    ක්‍රිකට් නිලවරණය දෙකට බෙදේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට දින නියමකර තිබෙනවා. ඊට නාමයෝජනා භාර ගන්නා දිනය පසුගිය 17 වැනිදායින් අවසන් වුණා. හතරදෙනෙකු සභාපති සටනට දින නියමකර තිබෙනවා. ඉන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇත්තේ තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින්. අනෙක් දෙදෙනාගෙන් කේ මතිවානන් මහතා රණතුංග පාර්ශ්වය නියෝජනය කරනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජයන්ත ධර්මදාස මහතා ඉදිරිපත් වුණා.
    ක්‍රීඩා සමාජ අතර තිලංග සුමතිපාල මහතාට වැඩි මනාපයක් ඇතත් මොහාන්ට හෝ ශම්මිට කැමැත්තක් ඇත්තේ නැහැ. කේ මතිවානන් මහතාට හා ජයන්ත ධර්මදාස මහතාට වැඩි වාසි පවතිනවා. මෙම තත්වය මත ඔවුන් දෙදෙනා එක්ව තරග වැදීමට තීරණය කර තිබෙනවා. එය ක්‍රිකට් නිලවරණයේ අපූරු තත්වයක් නිර්මාණය කර අවසන්. ඒ දූෂිත හා දූෂණය පිටුදැකීමේ කණ්ඩායම් අතර සටනක් බවයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණ අතින් පසුබෑමට ලක්වූ පරිපාලනයට හිමිකම් කියන්නේ තිලංග සුමතිපාල මහතායි. එම කාලය තුල මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා පරිපාලකයින්ට මුදලට තරග පාවාදීමේ චෝදනා රැසක් එල්ල වුණා. මේ අනුව තිලංග සුමතිපාල මහතාගේ පාරිපාලන කාලය බොහෝ දෙනෙකු හදුන්වන්නේ දූෂණයට පාර කැපූ කාලයක් ලෙසයි. රණතුංග පාර්ශ්වය ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කළ ලෝක කුසලාන දිනා ගත් පාලන කාලයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා මෙවර උප සභාපති තනතුරට ඉදිරිපත්ව ඇත්තේ කේ මතිවානන් මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින්. හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතා මෙවරත් ලේකම් තනතුරට එම පාර්ශ්වයෙන් ඉදිරිපත්ව සිටිනවා. ඔහුගේ පාලන කාලයේදී ලසිත් මාලිංග නායකත්වය ලබා දුන් ශ්‍රී ලංක කණ්ඩායම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තා. මුදලට තරග පාවාදීම් තිලංග සුමතිපාල මහතාගේ සභාපති කාලය තුල මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සිදු කරන බව පළමුවරට හෙලිකළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙවර උප සභාපති තනතුරට ඉදිරිපත්ව ඇත්තේද රණතුංග පාර්ශ්වය නියෝජනය කරමින්.
    පෙර ලිපි

    No comments