පාවාදීමට එරෙහිවූ ප්‍රමෝද්‍යත් ක්‍රිකට් නිලවරණ සටනේ
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය
වික්‍රමසිංහ මහතා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා නාමයෝජනා
ඉදිරිපත්කර තිබෙනවා. ඒ සභාපති අපේක්ෂක කේ මතිවානන් මහතාගේ පාර්ශ්වය නියෝජනය
කරමින්. මුදලට තරග පාවාදීම් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා පරිපාලකයින් සිදුකරන බවට
හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන කාලයේ පළමු වරට හඩ නැගුවේ ඔහුයි. ඉන්
පසුව අල්ජසීරා නාලිකාව වාර්තා වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරමින් ක්‍රිකට් පිටියේ
තණතීරුව සැකසීමේ සිට මුදලට තරග පාවාදීම් සිදුවන බව සාක්ෂි සහිතව අනාවරණ කළා. හිටපු
ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ ඒකකය චෝදනා ගොනුකරනු ලැබුවේද
ප්‍රමෝද්‍යගේ අනාවරණයන්ගෙන් පසුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 07
වැනිදා පැවැත්වීමට දින නියමකර තිබෙනවා. ඊට නාමයෝජනා භාර ගැනීම ඊයේ ( 17 ) සවස 04 ට
අවසන් වුණා. නිලවරණයේ උප සභාපති අපේක්ෂකයින් ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග හා හිටපු
ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉදිරිපත්ව සිටිනවා. කේ මතිවානන් මහතාගේ පාර්ශ්වයේ ප්‍රධාන සටන්පාඨය වී ඇත්තේ දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් යන්නයි. මුදලට
තරග පාවාදීම් වැලැක්වීම සදහා පෙරමුණ ගත් පිරිසක් එම පාර්ශ්වය නියෝජනය කිරීම කැපී
පෙනෙනවා. අනෙක් පාර්ශ්වය වී ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර් ශ්වය
නියෝජනය කරමින් සභාපති සටනට පැමිණ ඇති මොහාන් ද සිල්වා හා ශම්මි සිල්වායි. ස්වාධීන
අපේක්ෂකයකු ලෙස ජයන්ත ධර්මදාස මහතා ඉදිරිපත්ව සිටිනවා. හිටපු සභාපතිවරයාගේ කාලයේ
ක්‍රිකට් කණ්ඩායම දක්ෂතා අතින් පිටුපසට වැටුනා සේම ලොව දූෂිතම රට බවට ශ්‍රී ලංකා
ක්‍රිකට් පත්වූ බව රහසක් නොවේ.
බංග්ලාදේශය අතහැර මෙරට ක්‍රිකට් ජයග්‍රහී මාවතට
ගෙන ඒම සදහා ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමේ පුරෝගාමියා
වන්නේද කේ මතිවානන් මහතායි. එමෙන්ම මතිවානන් මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
උප සභාපතිවරයකු ලෙස කටයුතු කළද කිසිම චෝදනාවක් මෙතෙක් නැති තැනැත්තෙක්. ක්‍රිකට්
නිලවරණය සදහා ඉදිරිපත්වී ඇති අපේක්ෂක ලැයිස්තුව පහත දක්වා තිබෙනවා.
List of nominations received for the posts of Office Bearers to
contest the upcoming SLC Elections
The
Post of President
|
|
|
De Silva Mahadurage Mohan Anthony Chulananda |
|
Dharmadasa Hewa Komanage Jayantha |
|
Mathivanan Kangadaran |
|
Silva Atulugamage Shammi Shiraj |
Post
of Vice President
|
De
Silva Mahadurage Mohan Anthony Chulananda
|
Mathivanan
Kangadaran
|
Ranatunga
Arjuna
|
Silva
Atulugamage Shammi Shiraj
|
Wickramaratne
Raveen Udayapriya
|
Wickramasighe
Pramodya
|
Post
of Secretary
|
De
Silva Mahadurage Mohan Anthony Chulananda
|
Dissanayake
Bandula Thilak
|
Ranatunga
Nishantha
|
Silva
Atulugamage Shammi Shiraj
|
Post
of Assistant Secretary
|
Dissnayake
Bandula Thilak
|
Kapuwatta
Chrishantha Theadore
|
Perera
Kaluarachchige Gerard Hirantha
|
Wickramaratne
Raveen Udayapriya
|
Post
of Treasurer
|
Narangoda
Eastman
|
Silva
Atulugamage Shammi Shiraj
|
Wickramaratne
Raveen Udayapriyantha
|
Wickramasinghe
Nalin
|
Wickramasinghe
Liyanage Lasantha Sadananda
|
Post
of Assistant Treasurer
|
Rambukwella
Lalith Mahinda Bandara Dissanayake
|
Senarath
Sanjaya Sedara
|
Weerasinghe
Haputhanthrige Gihan Srilal
|
Wickramasinghe
Nalin
|
No comments