• Breaking News

    අකිලගේ තහනමට වගකිව යුත්තෝ


    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අකිල ධනංජයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සහභාගීවීම තහනම් කළා. ඒ ඔහුගේ පන්දු යැවීම නීති විරෝධී බව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් පරීක්ෂණාගාරයක් තහවුරු කිරීමත් සමගයි. ඔහුගේ පන්දු යැවීම නීති විරෝධී බව පළමුවරට පිටියේ විනිසුරුවරුන් දැනුම්දුන්නේ නිමාවූ එංගලන්ත ක්‍රිකට් තරගාවලියේදීයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ පියල් විජේතුංගයි. පියල්ට මාසිකව රුපියල් ලක්ෂ 07 කට අධික වැටුපක් ගෙවන බව වාර් තා වනවා. මේ අතර පියල්ගේ සහය පුහුණුකරු ලෙස අජිත් ඒකනායක කටයුතු කරනවා. ඔහුටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 02 කට අධික මාසික වැටුපක් ගෙවන බව සදහන්. ඔවුන් දෙදෙනා අකිල ධනංජය නීති විරෝධී පන්දු යැවීමක නිරතවන බව මීට පෙර හදුනා නොගත්තේ ඇයිද යන්න ගැටළුවක්. එමෙන්ම පියල් විජේතුංග පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේ පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ අයෙක්. එවැනි අයෙක් පුහුණුකරුවෙක් වූ විට පන්දු යවන්නන් දමා ගසන බව හදුනා ගනීවිද යන්න ඇතමුන් නගන ප්‍රශ්නයක්.
    අකිලගේ පන්දු යැවීම ඕස්ට්‍රේලියාවේදී පරීක්ෂා කරන විට පියල්ද එම පරීක්ෂණාගාරයට ගොස් තිබෙනවා. එහිදී අකිලගේ වැරදි ඉරියව්ව පිලිබද පෙන්වාදීමක් සිදුකළ බවයි වාර් තා වන්නේ. අකිල ලෙග්ස්ප්‍රින් පන්දු යවන්නෙක්. ඔහු යොමුකරන ඕස්ප්‍රින් පන්දුවේ වරදයි පෙන්වා දී ඇති බව සදහන්. මෙම වරද නිරදි කිරීමට කොපමණ කළක් ගතවනු ඇත්ද යන්න ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙරට පුහුණුකරුවන්ට විදෙස් තාක්ෂණය ඊට ලබා දිය යුතු වනවා. ක්‍රිකට් ආයතනයේ නිලවරණ සම්බන්ධයෙන් පවතින මත ගැටුම අකිල ධනංජයගේ නිවරදි බව තහවුරු කිරීමේ පරීක්ෂණයට කිසිවක් සිදු නොවීමට බලපාතිබීමයි කණගාටුවට කරුණ.

    No comments