ක්‍රිකට් නිලවරණ නාමයෝජනා දින වෙනස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා
නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය ලබන 21 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා සමග ක්‍රිකට් නිලවරණ කමිටුව සිදුකළ
සාකච්ජාවකින් අනතුරුවයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ජාව පැය දෙකකට ආසන්න
කාලයක් පැවති බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියා. ක්‍රිකට් නිලවරණය
සදහා නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය ලබන 17 වැනිදා බව මීට පෙර නිවේදනය කළා.
කෙසේ වෙතත් මේ වන විට ක්‍රිකට් නිලවරණයේ ඡන්ද
හිමි ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් විරෝධතා හතරක් ගොනුකර තිබෙනවා. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයකු
නොවීම හේතුවෙන් ඒවා විභාග කිරීමට විරෝධතා සලකා බලන විරෝධතා කමිටුවක් පත්කර නැහැ.
එසේ තිබියදී නිලවරණය පැවැත්වීම නීති විරොධී බව පසුගිය දින කිහිපයේම ක්‍රීඩා සභාවේ
හිටපු ලේකම් නිතීඥ පන්ඩුක කීර්තිනන්ද මහතා පෙන්වා දුන් ආකාරය අප වාර්තා කළා. එසේ
තිබියදී නිලවරණය පැවැත්වීමට ගන්නා උත්සාහය පුස්ස බිදීමක් බව අමුතුවෙන් කිවයුතු
නැහැ.
ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට දින නියම කළේ ලබන
පෙබරවාරි 07 වැනිදාටයි. එහෙත් එදිනට නිලවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව
තිබෙනවා. ඒ රජය සම්බන්ධයෙන් වන කිසිදු නඩුවක් අවසන් නොවීම හේතුවෙන්. කෙසේ වෙතත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
නිලවරණය ලබන පෙබරවාරි 09 වැනිදාට පෙර පැවැත්විය යුතු බවයි. එසේ නොවුනහොත් ශ්‍රී
ලංකා පූර් ණ සාමාජිකත්ව අවදානමට ලක්වනවා.
පෙර ලිපි
No comments