තිලාන් සමරවීරව දෙට්ට දාපු හේතුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු
ලෙස ජොනතන් ලෙවිස් පත්කර තිබෙනවා. ඒ මෙතෙක් කලක් පිතිකරු පුහුණුකරුලෙස කටයුතු කළ
තිලාන් සමරවීර ඉවත්කරමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික
හතුරුසිංහ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමට පෙර එරට පිතිකරු
පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් ඉන් ඉවත්වී ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු ලෙස වැඩ භාර
ගත්තා. එතැන් සිට හතුරුසිංහගේ හිතවත්ම පුහුණුකරු වෙමින් තිලංන් කටයුතු කළා.
කෙසේ වෙතත් පසුගිය තරගාවලි කිහිපයේදීම මෙරට
පිතිකරුවන් අසාර් ථක වුණා. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් පිතිකරු පුහුණුකරු ඉවත් කර
ඇතැයි වාර් තා වනවා. නව පිතිකරු පුහුණුකරු ජොන් එංගලන්ත ඩර් හැම් ප්‍රාන්ත කණ්ඩායමේ
ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර සාර් ථක වූ පුහුණුකරුවෙක්. ලබන වසරේ පැවැත්වීමට
නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවන තුරු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් කටයුතු කරනු ඇති.
ජෝන් වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරු පිලිබද හොද දැනුමක් ඇත්තෙක්. මේ හේතුවෙන්
එළබෙන ක්‍රිකට් ලෝක කුසලානයට කිසිදු සංචාරක කණ්ඩායමකට හිමි නොවන වාසියක් ශ්‍රී ලංකාවට
හිමිවනවා.
No comments