• Breaking News

    ක්‍රිකට් නිලවරණය කල් දැමීම හෙට


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පවත්වන බව පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළා. එහෙත් මෙලෙස නිලවරණය කැදවීම නීත්‍යානුකූල නැතැයි බොහෝ දෙනෙකු පසුගිය දින කිහිපයේදී පෙන්වා දුන්නා. ඒ අතර කරුණු සහිතව නිවරදි නිරවද්‍ය පැහැදිලි කිරීම සිදුකළේ ජාතික ක්‍රීඩා සභාවේ හිටපු ලේකම් නීතිඥ පණ්ඩුක කීර් තිනන්ද මහතායි. ජාතික පුවත්පතකට ඔහු අද දිනයේත් තවදුරටත් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. එම ලිපිය පහතින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීම හෙට සිදුකිරීමට නියමිත බව අප වෙත වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු Lanka Sports News වෙත කියා සිටියේ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල්දැමීමට කැමැත්තෙන් පසුවන බවයි. මේ අනුව එම තීරණය හෙට දිනයේදී ලබා ගැනීමට නියමිතයි.

    No comments