ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 900 ක් වතුරේ
2017 වසරේදී ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් 2018
වසරේදී මෙරට ක්‍රීඩා සංවර්ධන සදහා ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්කළ මුදල්වලින්
රුපියල් මිලියන 900 ක මුදලකින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි වාර්තා වනවා. ඒ කිසිදු
සංවර්ධන කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන්. මෙම වසර මුලදීම ක්‍රීඩා අමාත්‍යධූරය
මාරු වුණා. ඒ දයාසිරි ජයසේකර මහතාගෙන් ෆයිසර් මුස්තෆා මහතාටයි. අමාත්‍යධූරය භාර
ගත් දින සිට මේ දක්වා ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු සේවයක් සිදු
නොකළ බවයි බොහෝදෙනෙකු පෙන්වා දෙන්නේ. ඒ දුර්වල හා අසාර්ථකම අමාත්‍යවරයා වීමේ
බලාපොරොත්තු ඇතුව බවත් ඔවුන් පවසනවා.
කුරුණෑගල හා පොලොන්නරුවේ ක්‍රීඩා නේවාසිකාගාර
ඉදිකිරීම සදහා අයවැයෙන් රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කරනු ලැබුවා. එහෙත් මෙතෙන්
එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුමක් හෝ සකස්කර නැහැ. ඒ අමාත්‍ය මාරුවේ දෝසය
බලපෑම හේතුවෙන්. ක්‍රීඩා අමාත්‍යධූරය ඉදිරියේදී හෝ නිවරදි පුද්ගලයකුට හිමි නොවුන
හොත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභසරණයි. ඒ යටිතල පහසුකම් සංවර්ධනය නොවීම
හේතුවෙන් පමණක් නොව ජාතික සංචිතගතව පුහුණුවීමට අවස්ථාව නොලැබීම හේතුවෙන්. ශ්‍රී
ලංකාවට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් දිනා ගත හැකි බව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා
උළලේදී පදක්කම් දිනා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙන්වා තිබියදී ක්‍රීඩා අමාත්‍යාංශය
මෙලෙස අරාජික ජරාජීරණ වීම රටේ අභාග්‍යයි.
No comments