• Breaking News

    100 ක් ගහලා ඩිෆ් 10 ක් ගහපු මැතිව්ස්ට වෙච්ච දේ


    නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 660 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ හතරවන දිනය නිමාවන විට කඩුලු 06 ක් දැවී ලකුණු 231 ක් ලබා ගැනීමට සමත්වුණා. මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයක් හේතුවෙන් ලකුණු 22 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වුණා. ඒ පාදයේ මස්පිඩුවල මතුවූ ආබාදයක් හේතුවෙන්. පසුව කණ්ඩායම් කළමණාකාරීත්වය මැතිව්ස්ගේ පාදයේ ආබාදය ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. බොහෝ විට ඔහුට තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සදහා කඩුලු 03 ක් අතැතිව තවත් ලකුණු 429 ක් ලබා ගත යුතුයි.
    දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් ලබා ගැනීමෙන් අනතුරුව ඩිෆ් 10 ක් ගසා තමන්ගේ ශරීර යෝග්‍යතාව ඉහළින් ඇති බව ලොවට කියා පෑවා. ඒ පසුගිය කාලයේ ශරීර යෝග්‍යතාව නැතිබව පවසමින් හිටපු තේරීම් කමිටුව මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට පිලිතුරු ලෙසයි. මෙම සිදුවීමෙන් පසු ඇතමුන් ග්‍රැහැම් ලැබ්රෝයිගේ තේරීම් කමිටුව පතුරු ගැසීමට කටයුතු කළා. කෙසේ වෙතත් එම සිදුවීමෙන් සතියක් ගතවීමටත් පෙර මැතිව්ස් පාදයේ ආබාදයකට ලක්වීම හිටපු තේරීම් කමිටු තීරණය නිවරදි බව යලිත් පසක්කර අවසන්. පසුගිය කාලයේ කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවල මැතිව්ස් මෙලෙස ආබාදයන්ට ලක්ව තිබෙනවා. ඒ අහඹු සිදුවීම එසේ වෙද්දී මැතිව්ස් පිටියේ වැඩිම දුවද්දී දැවීයාම් සදහා දායක වූ ක්‍රීඩකයා බවත් අමතක කිරීමට බැහැ.
    මේ අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දිනේෂ් චන්දිමාල් තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 178 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබාගත හැකිවුනේ ලකුණූ 104 ක් පමණයි. ලකුණු 74 ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 585 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
    පෙර ලිපිය

    No comments