නවසීලන්තයට දැවැන්ත ජයක් දුන් ඩිෆ් 10 ය
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට්
තරගයෙන් ලකුණූ 423 ක ජයක් ලබා ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්වුණා. ක්‍රයිස්චර්ච් හි
පැවති තරගයේ ලකුණු 660 ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා
දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 236 ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 67 ක් හා නායක
දිනේෂ් චන්දිමාල් ලකුණු 56 ක් ලබා ගත්තා. ලකුණූ 22 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස්
පාදයේ ආබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට්
තරගයේදී ලකුණු 100 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඩිෆ් 10 ක් ගැසීමට ඇන්ජලෝ මැතිව්ස්
කටයුතු කළා. ඒ ශරීර යෝග්‍යතාව ඇතිබව ලොවට කියා පෑම සදහායි. ඉන් සතියකට පසු ඔහු
මෙලෙස පාදයේ ආබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීම කැපීපෙනෙනවා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 19 සීමාව
පසුකිරීමට හැකිවුනේ නැහැ.
තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක දිනේෂ්
චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම
පළමු ඉනිමට ලකුණු 178 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවුනේ
ලකුණූ 104 ක් පමණයි. මේ අනුව ලකුණු 74 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ
නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 585 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට
තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 660 ක ජයග්‍රහී ඉලක්කයක් හිමිවූයේ මේ
අනුවයි.
No comments