ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 07
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය
ලබන පෙබරවාරි 07 වැනිදා
පැවැත්වීමට නියමිතයි. නිලවරණ කමිටුව මෙම දිනය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති.
ඔවුන් ඒ පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශය අද දැනුවත් කර ඇතැයි Lanka Sports News වෙත වාර්තා වනවා. පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය ත්‍රිපුද්ගල
නිලවරණ කමිටුව පත්කරනු ලැබුවා. හිටපු
අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්.
අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ
කමිටුවට ඇතුළත්. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි
ජන්දය හිමි ක්‍රීඩා සංගම් ලයිස්තුව ප්‍රකාශයට පත්කළේ පසුගිය මස ( නොවැම්බර් ) 21
වැනිදාට පෙර ලැබීමට සලස්වන ලෙසයි. ඊට විරෝධතා දැක්වීමේ කාලය ද අවසන් වී මේ වන විට
සියළු කටයුතු නිමාවී තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීතියට
අනුව තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීමේ හැකියාවක්
නැහැ. ඒ සූදු සදහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අයට ක්‍රිකට් ආයතනවල තනතුරු දැරිය නොහැකි
බවට නව නීතියක් සම්මතව තිබීම හේතුවෙන්. තිලංග සුමතිපාල මහතාගේ සහෝදරයාට ලංකාවේ ලොකුම සූදු ව්‍යාපාරය ඇති බව රහසක් නොවේ.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සටනට උප
සභාපතිවරුන් වන කේ මතිවානන් හා මොහාන් ද සිල්වා යන
මහත්වරුන් ඉදිරිපත්වීමට නියමිතයි. මොහාන් සභාපති සටනට ඉදිරිපත්කිරීමට නියමිතව
ඇත්තේ තිලංග පාර්ශ්‍රවයෙනුයි. රණතුංග පාර්ශ්‍රවය ඇතුලු අනෙකුත් සියළු පාර්ශ්‍රව
නියෝජනය කරමින් පොදු අපේක්ෂකයකු ලෙස කේ මතිවානන් මහතා ඉදිරිපත්වනු ඇති. එවිට තිලංග
පාර්ශ්‍රවයේද වැඩි ජන්ද සංඛ්‍යාවක් ඔහුට හිමිවීමට නියමිතයි. ඒ හොරකමට දූෂණයට හා
වංචාවට විරුද්ධ ප්‍රභල කීර්තිමත් නිලධාරියකු ලෙස ඔහුව සැලකීම හේතුවෙන්. තනි
අසරුවෙකුගේ තරගයක් බවට එවිට ක්‍රිකට් මුල් පුටු සටන පත්වනු ඇති බවටත් මත පළවනවා.
ලේකම් සටනට නිෂාන්ත රණතුංග මහතා හා බන්දුල
දිසානායක මහතා ඉදිරිපත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. බන්දුල තරග කමිටු
සභාපතිවරයකු ලෙස තිලංග යටතේ කටයුතු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස
නිෂාන්ත රණතුංග මහතා කටයුතු කළ සමයේ ක්‍රිකට් මුදලට තරග පාවාදීම් කිසිවක් වාර්තා වූයේ
නැහැ. ඔහුගේ ලේකම් දූරය යටතේ ශ්‍රී ලංකාව පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයද
දිනාගත්තා. ඒ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේයි. ගතවූ කාලයේ මාලිංග කණ්ඩායමෙන් ද එලියට විසිවී තිබෙනවා.
නිෂාන්ත රණතුංග මහතා ඉවත්වී ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයට තවමත් ගතවී ඇත්තේ වසර 03 ක කාලයක් පමණයි. එම කාලය තුල ශ්‍රී ලංකාව
පන්දුවාර 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 08 වන තැනට වැටී සිටිනවා. ටෙස්ට්වරම් දිනා
ඇති රටවල් අතර දූෂිතම රට ශ්‍රී ලංකාව බවට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය
කර අවසන්. මෙම සෘණාත්මක ජයග්‍රාහන ශ්‍රී ලංකාව ලබා ගත්තේ තිලංග සුමතිපාල මහතාගේ
සභාපතිත්වය යටතේයි.
No comments