• Breaking News

    වැසිකිලි නැතුව සුද්දෝ SSC වනසයි ?


    ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ දිනවල කොළඹ එස් එස් සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 336 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුනේ සියළුදෙනා දැවී ලකුණු 240 ක් පමණයි. දෙවන ඉනිමට එංගලන්තය ලබා ගත්තේ සියළුදෙනා දැවී ලකුණු 230 ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 327 ක ඉලක්කයක් හිමිවුණා. එය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ තුන්වන දිනය නිමාවන විට ලබා ගත හැකිවුනේ කඩුලු 04 ක් දැවී ලකුණු 53 ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී ද අසීරු අඩියකට වැටී සිටිනවා.
    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා මඩිය තර කර ගැනීමේ සටනක නිරතව සිටිනවා. තරගාවලියට විදේශිකයින් රැසක් පැමිණ තරග නැරඹීමට එක්ව සිටිනවා. මෙම තරගයේ විදේශිකයින් සදහා දිනක ප්‍රවේශ පත්‍රයක් අලෙවි කර ඇත්තේ රුපියල් 5000 ක මුදලකටයි. බුක් මයි ෂෝ නම් ඉන්දීය ආයතනය හරහා මෙම ප්‍රවේශ පත්‍ර අලෙවි කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම ප්‍රවේශ පත්‍රයක් දේශීයව අලෙවි වන්නේ රුපියල් 300 කට ආසන්න මුදලකටයි. මෙම ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා පරිපාලන අංශ ප්‍රධානීයාගේ සමීපතම මිතුරෙක්. කෙසේ වෙතත් තරගය නැරඹීමට පිටියට පැමිණි විදේශිකයින් රැසක් අපහසුතාවට ලක්වන ආකාරය Lanka Sports News වෙත දක්නට ලැබුණා. විදේශිකයින් සමග අප සිදුකළ අදහස් හුවමාරුවේදී ඔවුන් කියා සිටියේ සංවිධායකයින් වැසිකිලි කැසිකිලි පහසුකම් හෝ ලබා දීමට කටයුතු කර නැති බවයි. එය කණගාටුවට කරුණක් බවත් ඔවුන් කියා සිටියා. තමන් සෑම දිනකම තරග නැරඹීමට පැමිණ අපහසුතාවට ලක්වන බවයි ඔවුන් සිනහ මුසු මුහුණින් යුතුව කියා සිටියේ. එමෙන්ම ටී ෂර්ට් අධික මුදලට ක්‍රීඩා පිටිය තුල තැරැව්කරුවන් මගින් අලෙවි කරන ආකාරයත් දක්නට ලැබෙනවා. ක්‍රීඩා පිටියට පැමිනෙන තැන සිට කිසිදු ප්‍රමිතියක් නැති ඇදුම් අධික මුදලකට අලෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම ගැන පුදුම වන බවත් විදේශිකයින් අප සමග කියා සිටියා. අනෙක් රටවල මෙවැනි තරගාවලි පැවැත්වෙද්දී ඇදුම් ආයිත්තම් අලෙවි කිරීමට නිල කුටි තිබෙනවා. ඉන් විශාල මුදලක් එම රටවල ක්‍රීඩා සංගම් උපයා ගන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැන්නක් සිදු නොකිරීම කණගාටුවට කරුණක්.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එවැන්නක් බලාපොරොත්තු නොවිය යුතු බව පසුව සිදුකළ සොයාබැලීමකදී පෙනී ගියා. ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශ ප්‍රධානී අනුර ද සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබද ගැටුළුවක් ඇතැයි වාර්තා වනවා. ඔහු 08 වසර හෝ සමත් නැති අයෙකු බවයි තතුදත් අය චෝදනා කරන්නේ. එහෙත් මාසික වැටුප රුපියල් ලක්ෂ 05 ක්. මෙවැනි පුද්ගලයින් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නැංවීම යනු ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්.

    No comments