• Breaking News

    අපේ බොක්සිං ක්‍රීඩාවට ගේමක් දෙන්න ආ විදෙස් විනිසුරුවන්



    93 වන ජාතික බොක්සිං ශූරතාවලිය කොළඹ රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩා පිටියේදී අද ආරම්භ වුණා. ඊට බොක්සිං ක්‍රීඩා සමාජ 09 ක් හා පාසල් බොක්සිං ක්‍රීඩා සමාජ දෙකක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 81 දෙනෙකු එක්ව සිටිනවා. ඒ කාන්තා හා පිරිමි බර පන්ති 10 ක් නියෝජනය කරමින්. ක්‍රීඩා සමාජයකට මෙවර තරගාවලියේ එක් බර පන්තියක් සදහා ඉදිරිපත් කළ හැක්කේ එක් ක්‍රීඩකයෙක් පමණයි.
    තරගාවලිය ස්වාධීනව විනිෂ්චය කිරීම සදහා විදෙස් විනිසුරුවරුන් එක්කර ගත් බව ජාතික බොක්සිං සම්මේලනය පවසනවා. එහෙත් එම විනිසුරුවරුන් පක්ෂපාතී වැරදි තීරණ රැසක් තරගාවලියේ පළමු දිනය පුරාම ලබාදී තිබෙනවා. ක්‍රීඩා සමාජ රැසක් ඒ පිලිබද කථාබහ කරන ආකාරය Lankasportsnews වෙත වාර්තා වුණා. මේ ඒ පිලිබද කැමරා කාචයේ සටහන් වූ එක් සාක්ෂියක් පමණයි. මෙම තරගයේදී ජය ගන්නා බවට ඔබ තීරණය කරන පැහැදිලි සාක්ෂි සහිත ජයග්‍රාහී ක්‍රීඩකයා පරාජිත ක්‍රීඩකයා බවට විදෙස් විනිසුරුවරුන් නම් කරනු ලැබුවා. එය සිදුවන්නේ කෙසේදැයි කිසිවකුට පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකිවීම කැපී පෙනුනා. මේ එක් සාක්ෂියක් පමණයි. විදෙස් විනිසුරුවන් පැමිණ ඇත්තේ කොලේ වසා ගැසීමට දැයි ප්‍රශ්නයක් පවතිනවා. මේ කෝකියන් එක්ව බොර කිරීමට සූදානම් වන්නේ ඉතිහාසයේ පළමුවරට පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් මෙම වසරේදීම දිනා ගත් බොක්සිං බව පමණක් මෙලෙස සටහන් කිරීමට Lankasportsnews වෙබ් අඩවිය තීරණය කළා. පහත වීඩියෝව ප්‍රශ්නගත තරගයයි.


    No comments