තවත් අනාවැකියක් හරි - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හතේ හත වදී
ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන තුන්වන හා අවසන්
ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ආවසන් වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත
කණ්ඩායම සිය දෙවන ඉනිමට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 03 ක් ලබා සිටියා. මෙම තරගයට
ධනුෂ්ක ගුණතිලක එක්වන බවට අප පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළා. එය තහවුරු කරමින් ඔහු
කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත
කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 336 ක් ලබා ගත්තා. ජොනී බෙයාස්ටෝව් ලකුණු 110 ක් ලබා
ගත්තා. ටෙස්ට් ඉනිමක සිය හොදම පන්දු යැවීම සටහන් කරමින් ලක්ෂාන් සදකැන් ලකුණු 95
කට කඩුලු 05 ක් බිද දැමුවා. දිල්රුවන් පෙරේරා කඩුලු 03 ක් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට
හොද ආරම්භයක් හිමිවුණා. දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 73
ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 04 බිද වැටුනේ මුළු ලකුණු පුවරුව ලකුණු
200 ක් ලෙස සටහන් වෙද්දීයි. අනතුරුව එතැන් සිට කඩුලු 06 ලකුණු 40 ක් තුල දැවී
ගියා. මැද පෙළ හා පසුපෙළ පිතිකරුවන් 06 දෙනෙකුට ලකුණු 05 සීමාව පසුකිරීමට හැකිවූයේ
නැහැ. කඩුලු පෙරහැරට හේතුවූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් වගකීම් විරහිතව පිතිකරණයේ යෙදීමයි.
පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ මෙලෙස කඩුලු පෙරහැරක් යාමට හේතුවූයේ පරිසරයේ සිදුවූ
වෙනස්කම් බව විචාරක මතය වුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් හොදින් පහරදෙන විට හොදින්
හිරු පායා උෂ්ණත්වය ඉහළගොස් තිබුණා. එහෙත් තේ වේලාවෙන් පසු හිරු අවරට යාමත් සමගයි
අවසන් කඩුලු 07 දැවී ගියේ.
පෙර ලිපිය
අකිලගේ තැන ධනුෂ්කට - මෙන්න වෙන්න යන දේ
No comments