• Breaking News

    ඇඟ තිබුණට මොලේ නැති සභාපති


    ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ක්‍රීඩා සංගම් 62 ක් පමණ තිබෙනවා. ඒ අතරින් වැඩි හරියක් නමට බිහිවූ ක්‍රීඩා සංගම් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ අතර සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් මත ක්‍රියාත්මක වෙමින් ක්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කර ගත් නිලධාරීන්ද එමටයි. දකුණු ආසියා කායවර් ධන ශූරතාවලිය ලබන 23 වැනිදා සිට නේපාලයේ පැවැත්වීමට නියමිතයි. එහෙත් ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩකයෙක් එක්වන්නේ නැහැ. ඒ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතාගේ අත්තනෝමතික ක්‍රියා පිලිවෙත හේතුවෙනුයි.
    මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පසුගියදා ඔහු ඇතුලු පිරිසක් කටයුතු කර තිබුණා. ඒ කිසිදු විනිවිධ භාවයකින් තොරවයි. හිටපු තේරීම් කමිටු සභාපති එන් එස් ජයවර් ධන මහතාගේ නිවසේ පැවති සාදයකින් අනතුරුව මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයින් නම් කර තිබුණා. එය ක්‍රීඩා අමාත්‍යාංශයට පසුව දැනුම් දී ඇත්තේ ලේකම්වරයා හෝ විධායක කමිටුව දැනුවත් කිරීමකින් තොරවයි. මේ පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශය ලේකම්වරයාගෙන් තොරතුරු විමසා තිබුනේ මේ අතරතුරදීයි. ඉන් හොර පාරෙන් යාමට ගිය තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමිව ගියේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නම් ලයිස්තුව අනුමත නොකිරීම හේතුවෙන්.
    දකුණු ආසියා මට්ටමේ තරගාවලියක් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී විනිවිද භාවයක් තිබිය යුතුයි. නැතහොත් වැරදි ක්‍රීඩකයින් තරගාවලි සදහා එක්වීමෙන් සිදුවන්නේ සමස්ථ රටටම අගෞරවක්. ජාතික කායවර් ධන සංගමයේ සභාපතිවරයා සිදුකිරීමට ගොස් තිබුනේ එවැන්නක්. මෙම සභාපතිවරයාට එරහිව චෝදනා රැසක් තිබෙනවා. කඩිනමින් ඒවා විභාග කර අවශ්‍ය පියවර ගැනීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ හා අමාත්‍යාංශයේ වගකීම බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ.

    No comments