ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට එයි
දකුණු ආසියාවේ වේගයෙන්ම ක්‍රිකට් දියුණුවන රට
ඇෆ්ගනිස්ථානය බව විවාදයක් නැහැ. ඔවුන් මේ දිනවල පුහුණු සැසියක් සදහා ඉන්දියාවේ
චෙන්නායි ක්‍රීඩා විද්‍යායතන මධ්‍යස්ථානයට
ගොස් සිටිනවා. ඊට ක්‍රීඩකයින් 36 දෙනෙකු ඇතුලත්. ඇෆ්ගනිස්ථාන ප්‍රධාන ක්‍රීඩකයින් තුන්දෙනෙකු
පුහුණු සැසියය අතරතුර ඊට එක්වනු ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා. එම ක්‍රීඩකයින්
මැදපෙරදිග පැවැත්වෙන ටී ටෙන් ක්‍රිකට් තරගාවලියට මේ දිනවල එක්ව සිටීම ඊට හේතුවයි.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් 04
වැනිදා සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලියකට එක්වීමට සැලසුම් කර ඇති බව ඇෆ්ගනිස්ථාන
ක්‍රිකට් ආයතනය පවසනවා. මේ හේතුවෙනුයි ඔවුන් මේ දිනවල චෙන්නායි නගරයේ පුහුණු සැසියකට
එක්ව ඇත්තේ. ශ්‍රී ලංකාවට සමාන කාලගුණයක් පැවතීම ඉන්දියාවේ චෙන්නායි නගරය තෝරා
ගැනීමට හේතුව වී තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස
නම් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ෆිල් සිමන්ස්.
No comments