ඇග තරම් මොලේ නැති සභාපතිව විවේචනය කළ තුන්දෙනා නිදහස්
ජාතික කායවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු
මහතා සිදුකරන කටයුතු නීත්‍යානුකූල නැති බව යලිත් තහවුරු වී තිබෙනවා. ඒ ක්‍රීඩා
අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ලබාදුන් නියෝගයක් අනුවයි. සභාපති කිත්සිරි ප්‍රනාන්දු
මහතා කායවර්ධන ක්‍රීඩාව වනසමින් සිය අභිමතය පිරිදි පරිපාලනය සිදුකිරීමට උත්සාහ
කරන බවට පසුගිය කාලය පුරා චෝදනා එල්ල වුණා. බීරි අලියකු ලෙස ඒවා නොසලකා හරිමින්
ඔහු කටයුතු කරන්නේ හිටපු ලේකම් චන්දන අලුත්ගේ මහතා සමග සන්ධාන ගතව බවයි වාර්තා
වන්නේ. චන්දන යනු කායවර්ධන ක්‍රීඩාවෙන් මුදල් ඉපයීමට ගොස් බුන්නත් වූ පද්ගලයෙක්.
ක්‍රීඩා අමාත්‍යාංශය ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් ද පනවා තිබෙනවා. එහෙත් කායවර්ධන ක්‍රීඩාවෙන් මුදල් ඉපයීම පිලිබද ඔහු විශේෂඥයෙක්.
මේ අතර පසුගිය වසරේදී වත්මන් සභාපතිවරයාගේ ක්රියාකළාපය
විවේචනය කරමින් විධායක කමිටු නිලධාරීන් තින්දෙනෙකු මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඊට
විරෝධය පළකරමින් සභාපතිවරයා එම නිලධාරීන්ට වසර 02 ක් දක්වා ක්‍රීඩා තහනමක්
පැනවූවා. මෙලෙස තහනමට ලක්වූයේ උප සභාපති ප්‍රසන්න පීරිස් / උප භාන්ඩාගාරික වසන්ත
ප්‍රනාන්දු හා හිටපු උප සභාපති රනිල් සම්පත්. හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මේ පිලිබද කරනු ලැබූ අභියාචනය සලකා එය මාස 06 ක් දක්වා පළමුව අඩු කිරීමට උපදෙස්
ලබා දුන්නා. අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තෆා මහතා පත්වුණා. ඔහු
මෙම සිදුවීම පිලිබද පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව උක්ත නිලධාරීන් තුන්දෙනා
නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සභාපතිගේ ක්‍රියා කළාපය දැඩි දෝෂ
දර්ශනයට ලක්කරමින්. එහිදී අමාත්‍යවරයාට පිරිසක් පෙන්වා දී ඇත්තේ ඇග තිබුනට මොලේ
නැති ක්‍රීඩාවට පුස් සිරසක් ඇති සභාපතිවරයෙක් කලකට පසු පත්ව ඇති බවයි. සංගමයේ
මුදල් පිල්ලි ගසා ඇතැයි ද ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා. සභාපති
සිදුකර ඇති මුදල් අක්‍රමිකතා සොයා බැලීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා
එහිදී පොරොන්දු වූ බව සදහන්.
No comments