• Breaking News

    අකිලගේ තැන ධනුෂ්කට - මෙන්න වෙන්න යන දේ


    එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයද ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වී තිබෙනවා. ඒ පසුගියදා පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන්. මේ අනුව කණ්ඩායමට කැදවා ඇත්තේ ධනුෂ්ක ගුණතිලකයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී චන්දිමාල් වෙනුවට සංචිතයට කැදවූයේ චරිත් අසලංකයි. මෙම තරගයේදී ඔහු සංචිතයෙන් ඉවතට විසිවී තිබෙනවා.
    ශ්‍රී ලංකා කණ්ඩායම අද කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පුහුණු සැසියකට එක්වුණා. එහිදී වැඩි අවධානයක් යොමුකර තිබුනේ ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ ඇග උණුසුම් කිරීමේ ක්‍රියාකාරකම් වෙතයි. ක්‍රීඩා පිටියේ තණතීරුව පිතිකරුවන්ට වැඩි සහයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය ශක්තිමත් කිරීම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලාපොරොත්තුව වී තිබෙනවා.
    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී කඩුලු 02 ක් හා දෙවන ඉනිමේදී කඩුලු 06 ක් දවා ගත් අකිල ධනංජය මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ ඔහු පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බ්‍රිස්බෙන් ක්‍රිකට් ඇකඩමි පරීක්ෂණාගාරයට සෑම හේතුවෙන්. මේ අනුව කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ධනුෂ්ක ගුණතිලකට හිමිවනු ඇතැයි කණ්ඩායමේ ප්‍රකාශකයකු පවසනවා.  අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට කණ්ඩායමේ ස්ථානය අහිමි නොවනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියා.

    No comments