ජාතික ක්‍රීඩාව වල පල්ලට
මුරුංගා ගහෙන් බහින්න.
ඉනිමඟ අල්ලන් ඉන්න රැලට නොපෙනෙන ඇත්තට පසු ඇත්ත දකින්න එන්න.
අභාවයට යන අපේ ප්‍රධාන ක්‍රීඩාවේ කඩතුරාව අරින්න එන්න මේ මාවතේ අපි ඇවිද යමු. ලංකාවේ
ජාතික ක්‍රීඩාව වොලිබෝල් බව ඇත්තේ පොත් පත්වල පමණයි. එය අපේ රටේ ජාතික මට්ටමේ වැඩ පිලිවලක් නැතිවීමේ
ප්‍රතිඵලයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. වත්මන් ජරාජීරණ අස්ථාවර දේශපාලන කුණාටුව
ක්‍රීඩාව දෙසටත් පැමිණ ඇත්තේ ඉතිරිව ඇති දක්ෂයින්ටත් ක්‍රීඩාව එපා කරමින්. මාධ්‍ය
වාර්ථා පළවන්නේ ක්‍රිකට් ගැන පමණක් බව බොහෝ විට ඇසෙන මැසිවිල්ලක්. මේ හේතුවෙන්
ජාතික ක්‍රීඩාවට ඇතුළුව අනෙක් ක්‍රීඩාවන්ට අරක් ගත් බහිරවයන් ලිඳ ඉහගෙනම නෑමට පටන් අරන්.
පොත් පත්වල ඇති ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව මේ වන විට පාලනය කරන්නේ අමාත්‍ය
රංජිත් සියඹලාපිටියයි. නමුත් ඔහු නටන්නේ වොලිබෝලයට අරක්ගත් බහිරවයන්ගේ පදයට බව දන්නේ
කීයෙන් කී දෙනාද ?
ආසියාවේ වොලිබෝල්
කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 14 වන ස්ථානයේයි. රටේ ජාතික
ක්‍රීඩාව වොලිබෝල් බවට පත්ව තිබියදීත් මෙවැනි තත්වයක් අතිවීමට හේතූන් රැසක්
තිබෙනවා. ජාතික කණ්ඩායම තේරීමේදී විනිවිද භාවක් ඇත්තේ නැහැ. දේශීය තරගාවලිවලදී
දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට පෞද්ගලික කොන්තර
හේතුවෙන් ජාතික කණ්ඩායමේ දොරටු විවර වන්නේ නැහැ. ඊට එක් උදාහරණයක් ලෙස වසරේ හොදම පන්දු ඔසවන්නා ලෙස ජාතික පාසල් වොලිබෝල් කිරුළ දිනූ ශෙහාන් මධුෂංකට ජාතික සංචිතයේ දොරටු විවිර නොවීම පෙන්වා දිය හැකියි. එයට හේතුව බවට පත්වූයේ ඔහු සීදූව
දවිසමර විදුහල හැරදා ජෝසප් වාස් විදුහලට ඇතුලත් වීමයි. පසුව මෙම ක්‍රීඩකයිගේ
දක්ෂතා හේතුවෙන්ම ජෝසප් වාස් විදුහල ජාතික පාසල් වොලිබෝල් තරගාවලියේ ඉහළටම
පැමිණෙනවා. ඉන් ඇසේ කටු ඇණුනු පාසල් පුහුණුකරුවෙක් ජාතික සංගමයේ සුවච කීකරු
කුක්කෙක් සමග එක්ව මෙම ක්‍රීඩකයාව දොට්ට දැමීමේ වික්‍රමය සිදුකර තිබෙනවා. මෙවැනි
අසාධාරණ වලක්වා ගැනීමට තේරීම් සිදු කිරීමේදී වීඩියෝ කිරීම හා ඉන් නැවත නැවත දක්ෂතා
විමර්ශනය කිරීමෙන් සිදුකළ හැකිබව ලෝකයට හදුන්වා දී බොහෝ කලක් වනවා. එහෙත් ලෝකය
සමග බැලූ විට ශ්‍රී ලංකාව සිටින්නේ දශක ගණනක් පිටුපසින් බව යලි යලිත් ඔප්පු නොකර
කෙසේ ද ?
ජාතික කණ්ඩායම තේරීමේදී පමණක් නොව එම කණ්ඩායම
සදහා පුහුණුකරු තේරීමේදීද ජාතික වොලිබෝල් සම්මේලනය අඳ ගොලු බිහිරි බව ප්‍රදර්ශනය කර තිබෙනවා. වසර 34 කට පසු ශ්‍රී ලංකා කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම ආසියාවේ 06 වන
ස්ථානයට ඔසවා තැබූ චන්න ජයසේකර පුහුණුකරුට ජාතික සංචිතය භාරදිය නොහැකි බව දැනුම්
දී තිබෙනවා. ඒ කිසිදු නිසි පිලිතුරක් නොමැතිවයි. හරියට ඔහුට භාරදුන්නොතින් ශ්‍රී
ලංකාව ආසියාවේ ඉහළට පමිණෙනු ඇතැයි බිය වන්නා සේයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ වොලිබෝල්
භාර නිලධාරියාද මෙම විගඩමේ එක් රූකඩයක් පමණයි. ඔහු ඇස් කන් පියන් සිටීම හේතුවෙන්
ක්‍රීඩා ඇමතිවරුන් ද නොමග ගොස් මුසාවෙන් මුලාවන බවයි තතු දත් උදවිය පවසන්නේ.
මේ සියල්ල සිදුවද්දී වොලිබෝල් සදහා වසර 04 ක
සැලැස්මක් සකස්කර සක්හඩ මැද්දේ අඩබෙර ගැසුවේ ජාතික ක්‍රීඩාවේ ස්වර් ණමය යුගය උදාවී
ඇති බව පවසමින්. එම සැලැස්ම මධ්‍යට ඉදිරිපත් නොවූ අතර කිසිදු වොලිබෝල් ක්‍රීඩකයෙක්
මෙතෙක් දැක නැහැ. කෙසේ වෙතත් සැලසුම් සකස්කර වසකට අධිකයි. ක්‍රීඩකයින් හා
පුහුණුකරුවන් නොදත් සැලැස්ම සකස්කලේ කාටදැයි යන්න ප්‍රශ්නයක්.
මෙම සැලසුම සකස්කර ඇත්තේ
බලධාරීන් නොමග යැවීමට බව තවත් උදාහරණ අවශ්‍ය නැහැ. ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්
නොදත් සැලසුම සකස්කර ඇත්තේ තමන්ගේ බලය රැකගැනීමේ අරමුණ ඇතිව විය යුතුයි.
කෙසේ වෙතත් ජාතික වොලිබෝල් පුහුණුකරු වූ සර්බියා ජාතිකයා පන්නා දැමීමට මේ වන විට කටයුතු කර අවසන්. මෙම පුහුණුකරු වෙනුවෙන් මාසිකව
රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කළා. ඔහුට ජාතික පුහුණුකරුවීමට ප්‍රධාන
සුදුසුකම වී ඇත්තේ හම සුදුවීම හා විජාතික වීම පමණයි. තරගාවලි ජයග්‍රහණයට ශ්‍රී
ලංකාව කැදවාගෙන ගිය ඔහුට වඩා දක්ෂ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ නැතුවා නොවේ. නමුත්
පෙරකී සුදුසුකම් දෙක සම්පූර් ණ නොවීම හේතුවෙන් ඔවුන් තවමත් එකතැන පල්වෙමින්
සිටිනවා. ප්‍රාදේශය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයින් හදුනාගැනීමට වගේම පුහුණුකරුවන්
හදුනා ගැනීමටත් කිසිදු ක්‍රමවේදයක් ජාතික සම්මේලනය සතුව නැහැ. එහි ප්‍රතිඵලය වී
ඇත්තේ කැලේ පිපෙන මල් කැලේම පරවීමයි.
ජාතික සංගම් තනතුරු පොරය
බලු පොරයට ඇතමුන් සමාන කරනවා. එසේ තිබියදී අමාත්‍යවරයකුට සෑම විටම මුල් පුටුව
හිමිවන ජාතික වොලිබෝල් සම්මේලනයේ ලේකම් තනතුරත් සුහදව බෙදා හදා ගන්නක්. සෙසු
තනතුරුද එසේමයි. මෙවන් රටක මෙලෙස හෝ ජාතික ක්‍රීඩාව තිබීම ගැන ඔබ පුදුම වෙනවා ඇති.
ඊට හේතුවී ඇත්තේ ජාතික මට්ටමේ තරගාවලි කිහිපයක් අඩබෙර ගසා මාධ්‍ය සංදර්ශන පවත්වා
රට ඉදිරියේ පෙන්වීමයි. සැගවුණු සත්‍ය රබර් බෝලයක් දිය යට සැගවීමට කොතරම් උත්සාහ
ගත්තත් නැවත උඩ මතුවන්නා සේ මතුපිටට පැමිණීම වැලැක්විය නොහැකියි.
No comments