ක්‍රිකට් මුල් පුටුව දූෂණයෙන් බේරෙයි ?
ශ්‍රී ලංකාව යනු ටෙස්ට් වරම් දිනාගත් රටවල් අතර
මුදලට තරග පාවාදීම් පිලිබද වැඩිම චෝදනා එල්ලවන රට බවට ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය නිවේදනය කර අවසන්. එවන් තැනකට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන ඒමට අවසන්
සභාපතිත්වය ලබා දුන්නේ තිලංග සුමතිපාල මහතායි. ඔහු යලි ක්‍රිකට් මුල්පුටුවට පැමිණීම
වාරණය කරන ලෙස ඉල්ලා නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ සූදු ව්‍යාපාරයට සම්බන්ධ බව
පවසමිනුයි. මෙම කරුණ ඉහළ උසාවියේදී විසදීමට පෙර ක්‍රිකට් ආයතනයේ නිලවරණය
පැවැත්වෙනු ඇති. එවිට ඊට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමිවීමේ වැඩි ඉඩක් පවතිනවා. එවන්
තත්වයක් යටතේ ක්‍රිකට් නිලවරණය කුමක්වේ දැයි අප පසුගිය දිනවල ක්‍රීඩා සමාජ සමගින්
අදහස් හුවමාරු කර ගත්තා. මේ එහි ප්රතිඵලයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස උප සභාපතිවරුන්
වන කේ මතිවානන් හා මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඉදිරිපත්වීමට නියමිතයි. තිලංග
පාර්ශ්රවය මොහාන් සභාපති සටනට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත්තේ. රණතුංග පාර්ශ්රවය ඇතුලු අනෙකුත් සියළු පාර්ශව නියෝජනය කරමින් පොදු අපේක්ෂකයකු ලෙස කේ මතිවානන් මහතා
ඉදිරිපත්වනු ඇති. එවිට තිලංග පාර්ශ්රවයෙන්ද ජන්ද වැඩි සංඛ්‍යාවක් ඔහුට හිමිවීමට නියමිතයි.
ඒ හොරකමට දූෂණයට හා වංචාවට විරුද්ධ ප්‍රභල කීර්තිමත් නිලධාරියකු ලෙස ඔහුව සැලකීම
හේතුවෙන්. තනි අසරුවෙකුගේ තරගයක් බවට එවිට ක්‍රිකට් මුල් පුටු සටන පත්වනු ඇති
බවටත් මත පළවනවා.
ලේකම් සටනට නිෂාන්ත රණතුංග මහතා හා බන්දුල
දිසානායක මහතා ඉදිරිපත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. බන්දුල තරග කමිටු සභාපතිවරයකු
ලෙස තිලංග යටතේ කටයුතු කළා. මේ හේතුවෙන් මොහාන් සමගින් එක්ව බන්දුල ගෙන ඒමට තිලංග
පාර්ශ්රවය සූදානම් වනවා. එහිදී ලේකම් සටනේ ජය තීරණය වනු ඇත්තේ සභාපති කවුරුන්ද යන්න
මතයි. මෙම සියළුදෙනාට තරග කළ හැකි වන්නේ ජන්දයක් පැවැත්වුවහොත් පමණයි. ලංකාවේ ජන්ද
කල් දැමීමට ප්‍රසිද්ද අමාත්‍ය ෆයිසර් මුස්තෆා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන
තෙක් ක්‍රිකට් නිලවරණයටද යලිත් බාල ගිරි ලැබිය හැකියි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2019 වසරේ පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පැවැත්විය
යුතු බව දැනුම්දී අවසන්. ඒ අනුව යමින් මේ වන විට ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක්ද
පත්කර තිබෙනවා. කෙසේ වෙතත් නිලවරණය පැවැත්වීම ආන්ඩු බලය මත තීරණය වනු ඇතැයි මත
පළවනවා.
No comments