පරාජයන් රැල්ලේ හා දූෂණයෙන් කප් ගැසූ අපේ ක්‍රිකට් නිර්මාතෘ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දය
ලබාදිය හැකි අනුබද්ධ ක්‍රීඩා සංගම් සාමාජික ලැයිස්තුව හෙට දිනයේ නිකුත් කිරීමට
තීරණය කර තිබෙනවා. ඒ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සදහා පත්කළ නිලවරණ කමිටුව අද පළමු
වරට රැස්වී ගත් තීරණයකට අනුවයි. ක්‍රීඩා අමාත්‍යාංශය නිලවරණය පැවැත්වීම සදහා ත්‍රිපුද්ගල
කමිටුවක් නම්කරනු ලැබුවා. එම කමිටුව වැඩිදුරටත් තීරණය කර ඇත්තේ මෙම ලැයිස්තුව සදහා
විරෝධත භාර ගැනීම ලබන 21 වනදායින් අවසන් කිරීමටයි. පවතින තත්වය මත ක්‍රිකට් නිලවරණය
පැවැත්වීමට තවත් මාස 02 කට අධික කාලයකට නොහැකිවනු ඇතැයි මත පළවනවා.
තිලංග සුමතිපාල මහතාට එම නිලවරණයට ඉදිරිපත් විය
නොහැකිවනු ඇති. ඒ ආන්ඩු පෙරලිය සමගින් ක්‍රීඩා අමාත්‍යාංශ පාලනය වෙනස්වීම
හේතුවෙන්. එවිට සූදු සදහා වක්‍ර සම්බන්ධයක් හා මාධ්‍ය ආයතන හිමිකරුවකු ලෙස වක්‍ර
සම්බන්ධයක් තිලංගට පැවතීම හේතුවෙනුයි. තිලංග සුමතිපාල මහතා පාලනය කළ වසර තුන තුල
ක්‍රිකට් ආදායම ඉහළ ගිය අතර මුදලට තරග පාවාදීමේ චෝදනා අතර ලොව අංක එකට පැමිණියා.
එමෙන්ම ටෙස්ට් / එක්දින හා පන්දුවාර 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර පල්ලම් බැස
ගියේ පරාජයන් රැල්ලක්ද සමගයි. ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම සුලබ තත්වයක් වූ අතර
කණ්ඩායමට කණ්ඩායම් දෙකක් නිරතුරුවම එලියෙන් සිටියා. තරගාවලියෙන් තරගාවලියට කණ්ඩායමෙන්
ක්‍රීඩකයින් 05 දෙනෙකුට අධික පිරිසකට ස්ථානය අහිමි වුණා. මේ හේතුවෙන් කිසිදු
අවස්ථාවක ස්ථාවර කණ්ඩායමක් ගොඩ නැගුනේ නැහැ. ඉන් උපරිම ප්‍රයෝජන ගත් කණ්ඩායම් ශ්‍රී
ලංකාව බිමිනුත් පහළට ඇද දමමින් අවතක්සේරු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් එසේ බිද වැටෙද්දී ගලා එන
මුදල් බහිරවයා ගිලින්නටද පටන්ගෙන තිබුණා. කෝටි 170 කට අධික මූල්‍ය වංචාවක් හසුවූයේ
මේ අනුවයි. මේ වන විට පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි විකාශන
අයිතිය විකිනීමෙන් හිමිවන මුදල මෙලෙස පිල්ලි ගැසීමට සැලසුම් කර තිබුණා. ඒ පිලිබද පරීක්ෂණ
අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව හරහා අධිකරණයේ විභාග වෙමින් තිබෙනවා. අවසානයේ ශ්‍රී
ලංකා ක්‍රිකට් ඇති තැන පිලිබද ප්‍රේක්ෂකයින් ස්තූති කළ යුතු යහපාලන රජයට හා තිලංග
සුමතිපාලට නොවේද ?
No comments