සුරංගගේ ගැටේට එංගලන්තය දණින් වැටෙයි ?
සංචාරක එංගලන්තය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 09 ක් අතැතිව ලකුණු 259 ක් පසුපසින් සිටිනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළා. ඉදිරිපෙළ පිතිකරුවන්ට සාර් ථක වීමට ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට කිහිපවිටක් උත්සාහ කළා. විනිසුරුවන් දැවී යාම් ලබා නොදෙමින් ඔවුන්ට සහයවීමට උත්සාහ කළා. එහෙත් විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව සාර් ථක කර ගනිමින් එම ඉඩ ඇහිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මේ අනුව එංගලන්ත පළමු ඉනිම සියළුදෙනා දැවී ලකුණු 285 කට සීමා වුණා. දිල්රුවන් පෙරේරා කඩුලු 04 ක් / මාලින්ද පුෂ්පකුමාර කඩුලු 03 ක් හා අකිල ධනංජය කඩුලු 02 ක් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ
ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 06 ක් ලබා සිටියදී දැවී ගියා. වගකීම් සහගත
ඉනිමක් ක්‍රීඩා කළ අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 19 ක් ලබා
ගත්තා. සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි මාලින්ද පුෂ්පකුමාර නොදැවී පන්දු 15 කට
මුහුණදී එක් ලකුණක් රැස්කළා. තණතීරුව දග පන්දු යවන්නන්ට උචිත ලෙස සකස්කර තිබෙනවා.
එය පාරා වලල්ලක් නොවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් හෙට දිනයේදීද වගකීමෙන් ක්‍රීඩා කරමින්
ඉනිම ගොඩ නැගිය යුතුයි.
No comments