සැලැස්ම සුරංගගෙන් දෙට්ට පනී
සංචාරක එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන
ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන්ට වැඩි වගකීමක් පැටවූ සැලැස්මක්
සකස්කර තිබෙනවා. මේ අනුව පිතිකරුවන් පළමු තරගයේදී මෙන් නොව වගකීමෙන් ක්‍රීඩා කළ
යුතු වනවා. මෙම තරගයේදී කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට නායකත්වය
දරන්නේ සුරංග ලක්මාල්. ඒ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී චන්දිමාල් ආබාධයකට ලක්වීම
හේතුවෙන්. වෛද්‍ය උපදෙස් මත මෙම ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ද ඔහුට අහිමිවීමේ
අවධානමක් මතුව තිබෙනවා.
ක්‍රිකට් දිවියෙන් සමුගත් රංගන හේරත් වෙනුවට මෙම
තරගයේදී ලක්ෂාන් සදකැන්ට අවස්ථාව හිමිවනු ඇති. රොෂේන් සිල්වාට ද කණ්ඩායමේ ස්ථානයක්
හිමිවනු ඇතැයි කණ්ඩායම් ආරංචි පවසනවා. කෙසේ වෙතත් කණ්ඩායම පිලිබද අවසන් තීරණය
ගන්නේ හෙට උදෑසන තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු චන්දික
හතුරුසිංහ ලබාගනු ඇති. තරගයට පෙර පැවති අවසන් පුහුණු සැසියෙන් අනතුරුව ශ්‍රී ලංකා
කණ්ඩායම් නායක සුරංග ලක්මාල් අදහස් පළ කලේ මෙලෙසයි.
No comments