කැනඩාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියා අතුරුදන්
බැට්මින්ටන් යොවුන් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ ඡායාරූප
ශිල්පියා ලෙස කුමරා ශිල්පියෙකු කැනඩාවට ගොස් ඇතත් ඔහු සිදුකරන්නේ කුමක් දැයි
මෙතෙක් කිසිවෙක් දන්නේ නැහැ. ඔහුව තෝරාගත්තේ කවුද සහ ඇයි යන්න ක්‍රීඩා අමාත්‍යංශ
සේවකයන් ම ප්‍රශ්න කරන බව සඳහන්. මේවනවිට තරගාවලිය ආරම්භ වී දින ගණනක් ගෙවී ගොස්
ඇතත්, මේවන තෙක් තරගාවලිය හා සබැඳි ඡායාරූප
කිසිවක් ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශය වෙත ලැබී නැති බව ද වාර් තා වනවා. අදාළ පුද්ගලයා, තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකු
පමණක් ව සිටින බව කැනඩාවෙන් වාර් තා වනවා. අමාත්‍යංශ ප්‍රතිපාදන ලබා ගෙන ගොස්
සිටින මොහු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන්ගෙන සිටින හෝටලයට වඩා වැඩි මුදලක් ගෙවන
නවාතැනක ලැගුම්ගෙන සංචාරය භුක්ති විඳිමින් සිටියි සදහන්. කළමණාකරුවෙකු හෝ නොමැතිව
ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නිළ ඡායාරූප ශිල්පියෙකු යැවුවේ මන්දැයි ක්‍රීඩා අමාත්‍යංශයේ
සේවකයන්ටද දැන් ගැටලු මතු කර තිබෙනවා.
No comments