පාකිස්ථාන පිතිකරු බිමට ඇද වැටේ
පාකිස්ථාන
පිතිකරු ඉන්සාම් උල් හක් නවසීලන්තය සමග පැවති දෙවන එක්දින තරගයේදී අනතුරකට ලක්වුණා.
ඒ පන්දුවක් කෙලින්ම හිසේ වැදීමෙන්. අනතුරුව ඔහු රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුනේ.
එහිදී සිදුකරනු ලැබූ ස්කෑන් පරීක්ෂාවේදී හිස් කබලට කිසිදු හානියක් සිදුව නැතැයි වෛද්‍යවරුන්
තහවුරු කර තිබෙනවා. එහෙත් මෙම සිදුවීමෙන් ඇතිවූ සංකූලතා තවමත් පවතින බවයි විදෙස්
මාධ්‍ය වාර් තා කරන්නේ. එම වීඩියෝව පහතින් බලන්න. මෙම තරගයෙන් කඩුලු 06 ක ජයක්
පාකිස්ථානයට හිමිවුණා.
No comments