• Breaking News

    ආසියා කාර්ටින් ශූරතාවක් ශ්‍රී ලංකාවට - Video

    රොටැක්ස් මැක්ස් ආසියා කාර්ටින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලාංකික කාර්ටින් ධාවනශූර එෂාන් පීරිස් සමත් වුණා. මැලේසියාවේ එලයිට් ස්පීඞ්වේ ධාවන පථයේ දී පැවති කාර්ටින්  තරඟාවලියට ලෝකයේ නම් දැරූ ධාවකයින් රැසක් සහභාගීව සිටියා. මෙම ජයග‍්‍රහණයත් සමඟ ඔහු 2019 ආසියානු ෆෝර්මියුලා 3 ඛාණ්ඩයේ තරඟාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වනවා. ධාවන ශූරතා රැසකට සහභාගිව ඇති එෂාන් පීරිස් ප‍්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය හා මැලේසියාව යන රටවල කාර්ටින් ධාවන තරඟ වලින් විශිෂ්ඨ ජයග‍්‍රහණ ලබා ගත්තෙක්.
    මැලේසියාවේ පැවති රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා සමස්ථ තරඟාවලියේ 02 වන ස්ථානය සහ X30 ආසියානු ශූරතාවලියේ 02 වැනි ස්ථානය දිනා ගැනීමට ද එෂාන් පීරිස් සමත් වුණා. මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන එෂාන් පීරිස් අනාගතයේ දී ෆෝර්මියුලා තරඟ වලට එක්ව ශ‍්‍රී ලංකාවට ජයගෙන ඒමට අපේක්‍ෂා කරනවා. ඔහු දැනට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කරන ලාබාලතම ධාවන ශූරයෙක් වනවා. 20 වන වියේ පසුවන එෂාන් පීරිස් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. තරගය  නරඹන්න පහලින්. පින්තූරය ක්ලික් කිරීමෙන්ද තරගය නැරඹිය හැක.





    No comments