• Breaking News

    ක්‍රිකට් ආයතනයේ රුපියල් ලක්ෂ 327 කට විදලා - Video


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිමාවූ දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් සෝනි ආයතනයෙන් හිමිවිය යුතු රුපියල් 32,739,700 ක           ( ලක්ෂ 327 ) මුදලක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන වංචා කර අවසන් බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව යමින් මේ වන විට පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය වෙනුවෙන් සෝනි ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදලද පිල්ලි ගැසීමට සැලසුම් සකස්කර තිබුණා. එහි වටිනාකම රුපියල් 973,770,700 ( කෝටි 97) මුදලක්. එහෙත් එය සිදුකිරීමට පෙර ක්‍රිකට් ආයතනයට වාර් තා වුණා. මේ අනුව යමින් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුවට පැමිණිලි කළා.
    මෙම පැමිණිල්ල අනුව යමින් පියල් නන්දන මේ වන විට සිටින්නේ රක්ෂිත බණ්ධනාගාරයේයි. ලබන 21 දක්වා එය දීර් ඝ කර තිබෙනවා. මෙම නඩුවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් 05 දෙනෙකුගෙන් තොරතුරු සටහන් කර ගෙන අවසන්. එම වාර් තාවන්ට අනුව මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ පියල් නන්දනම බව තහවුරු වී තිබෙනවා. ඊට යොදාගෙන ඇත්තේ hofinance@srilankacricket.us නම් විද්‍යුත් ගිණුමක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාවිත කරන්නේ hofinance@srilankacricket.lk ගිණුමයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට අභ්‍යන්තර විගණනයක් සිදුකරමින් තිබෙනවා. ඉන් බොහෝ වැරදි හසුවනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    මෙම වංචාවට හසුවූ පියල් නන්දන සේවයට බදවාගෙන ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතායි. ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිලධාරියාගේ නිර් දෝෂීභාවය ප්‍රකාශ කිරීමට කටයුතු කළා. එහෙත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව පසුව පියල් වැරදිකරු බව අධිකරණයට තහවුරු කර තිබෙනවා. මෙම සිදුවීම හැක් කිරීමක් මගින් සිදුව නැති බවටත් ඔවුන් තහවුරු කරගෙන තිබෙනවා.

    පසුගිය ලිපිය

    No comments