ක්‍රිකට් මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මහා
මංකොල්ලයක් පසුගියදා වැලකී ගියා. ඒ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ වන විට
පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීමෙන් හිමිවන
මුදලයි. මෙම තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවේ සෝනි ආයතනයටයි.ඒ
වෙනුවෙන් ඔවුන් රුපියල් කෝටි 172 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදිය යුතු
වුණා. මෙම මුදල හොංකොං හි පිහිටා ඇති පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙසයි සෝනි ආයතනයට
දැනුම් දී ඇත්තේ. ඊට අදාල ලිපියට අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය
අංශ ප්‍රධානී පියල් දිසානායක මහතායි.
මේ පිලිබද අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුවට පැමිණිලි
කළේ පසුගිය 15 වැනිදායි. පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර පියල්ගෙන් ප්‍රශ්න කිරීමට එම
දෙපාර් තමේන්තුවට කැදවා පැය 09 කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමටද අනතුරුව පියවර ගැනුනා.
එම පරීක්ෂණයන්ට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානී පියල්
දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට අද පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔහුව ක්‍රිකට්
ආයතනයේ සේවයට බදවා ගත් එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ පියල්
දිසානායක මෙම හොරකම පිටුපස සිටින බවට තමන්ට කිසිසේත් විශ්වාස කළ නොහැකි බවයි. ඔහු
හොද සේවකයෙක් බවත් එහිදී කියවුණා. කෙසේ වෙතත් හිටපු සභාපතිවරයාට අනුව මෙම හොද සේකයා
සොරකම් කිරීමට නොදත් බබා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීඩියෝ සහිත පෙර ලිපිය..
No comments