• Breaking News

    ලංකාවට වටින්නේ නැති ඔලිම්පික් රන් පදක්කම


    නිමාවූ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කළ හසිනි අම්බලන්ගොඩගේ ක්‍රීඩිකාව ඇතුලත් වූ ඇල්ෆා කණ්ඩායම සමත්වුණා. ආජන්ටිනාවේදී තරගාවලිය පැවැත්වුණා. එහිදී පාරමී වසන්ති ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන්නේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන්. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුලත් වුණා.
     ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය නොපැමිණීම කැපී පෙනෙනවා. රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ජාතික බැඩ්මින්ටන් අතුරුකමිටුවේ කිසිවෙකුත් නොදැන සිටි අතර කණ්ඩායම පිලිගැනීමට පැමිණසිටි කිසිවෙක් ඒ පිලිබද නොදැනුවත්ව සිටීමත් කැපීපෙනෙනවා. ඉන් එම ක්‍රීඩිකාව හා ඇගේ දෙමාපියන් දැඩි අපහසුතාවට පත්ව සිටියා. කඩෙන් රන් පදක්කමක් මිලදීගෙන පැමිණ සිටියාක් වැනි තත්වයක් ඇතිව තිබෙන ආකාරකුයි දක්නට ලැබුනේ. මේ අතර පැමිණ සිටි ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරිනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ හැසිරීම කිසිවෙකුත් අනුමත කළේ නැහැ.



    No comments