මාලිංග අතවර කළා - ඉන්දීය කාන්තාවක්
ලසිත් මාලිංග ලිංගික අතවර කළ බව ඉන්දීය කාන්තාවක්
පවසන බව ටුවිටර් පණිවිඩයක් හරහා ප්‍රකාශ කර තිබෙනවා. හිටි හැටියේ මෙවැනි චෝදනාවන්
සිදුකිරීම පුදුමයට කරණක්. ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය අතර තුරදී මෙය සිදුවූ බවයි
ඇය එහි සදහන් කර ඇත්තේ. කෙසේ වෙතත් එම වසර පිලිබද කිසිදු සදහනක් නැහැ. ඉන්දීය ප්‍රිමිය
ලීග් ක්‍රිකට් තරගාවලියේ වසර 10 ක සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලසිත් මාලිංග නියෝජනය
කරනවා. මේ අතර මෙම ලිංගික අතවරය සිදුකරනු ලැබුවේ කුමන හෝටයකදී දැයි එම පනිවිඩයේ
සදහන් වන්නේ නැහැ. එසේම ඇය සිය නම පිලිබද අනාවරණය කර නැහැ. එම පණිවිඩය නිකුත් කර
ඇත්තේ ව්‍යාජ නමක් භාවිත කරමින්. ක්රිකට්ර් ලසිත් මාලිංග ලෙසයි එහි නම සදහන්ව
ඇත්තේ.
මම ටුවිටර් පණිවිඩයට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබී
ඇත්තේ ඉන්දීය ගායිකා චින්මෙයි ශ්රීපාදා එම පණිවිඩය යලි ජනතාව අතර යැවීමට කටයුතු
කිරීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම චෝදනාව පිලිබද විදිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුව
තිබෙනවා. ඒ මෙරට ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩකයාට එල්ල කර ඇති අභූත චෝදනාවෙන් සමස්ථ
ශ්‍රී ලංකාවේම කීර් ති නාමය හානිවීම හේතුවෙන්. මෙවැනි චෝදනා හරහා ඉන්දියාව
බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත බව ලෝකයා හමුවේ පැවසීමයි. ශ්‍රී ලංකා
ක්‍රිකට් ආයතනය මේ පිලිබද මැදිහත්ව පරීක්ෂණයක් සිදුකිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට
දැනුම් දිය යුතුයි.
No comments