• Breaking News

    සුද්දන්ට පිහිට වූ වැහි දෙවියන්


    ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක එංගලන්තය සමත්වුණා. කෙසේ වෙතත් ඔවුන් ජය ගත් තරග තුනම තීරණය වුනේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි. එක්දින තරග හතරෙන් එක් කණ්ඩායමක් නියමිත පන්දුවාර 50ම ක්‍රීඩා කලේ හතරවන එක්දින තරගයේ පමණක් වීම කැපී පෙනෙනවා. තරගාවලියේ පළමු තරගයේ සිට ක්‍රමික වර් ධනයක් පන්දුවාර සංඛ්‍යාවේ දක්නට ලැබුණා. මේ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිත පස්වන හා අවසන් එක්දින තරගයට වර් ශාවෙන් බාධාවක් විය නොහැකියි. එම තරගය ලබන 23 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.
    ශ්‍රී ලංකාව තරගාවලිය පුරා අත්හදා බලන සැලසුම් අඩුපාඩු සහිතව හෝ ක්‍රියාවට නැංවීමට සමත්ව සිටිනවා. පිතිකරුවන් සාර් ථක වන විට පන්දු යවන්නන් අසාර් ථක වනවා. පන්දු යවන්නන් සාර් ථක වන විට පන්දු රකින්නන් අසාර් ථක වනවා. එලෙස සෑම විටම කුමන හෝ අංශයක් අසාර් ථකවීම මෙම තරගාවලි පරාජයට හේතුවී තිබෙනවා. සියළු අංශ අවසන් එක්දින තරගයේ හෝ සාර් ථක කර ගන්නා ලෙස කණ්ඩායම් රැස්වීමේදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා ඇතැයි වාර් තා වනවා.

    No comments