• Breaking News

    සනත්ට වැඩ වරදියි ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තේරීම් කමිටු සභාපතිවරයෙක් වන සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන එකකය චෝදනා ගොනු කර තිබෙනවා. ඒ දුෂණ සංග්‍රහයේ නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වනු ලබන විමර්ශනයන් සදහා සහය ලබා නොදීම, බාධා කිරීම සහ එම සිද්ධීන්ට අදාල ලේඛණ සඟවා තැබීම හෝ විනාශ කිරීම යන චෝදනා දෙකක් සනත් ජයසූරියට එරෙහිව එල්ලවී ඇති බව සදහන්. දූෂණ මර්ධන ඒකකය පසුගිය කාලය පුරා මෙරට පරීක්ෂණයක් සිදු කරනවා. ටෙස්ට් සාමාජිකත්වය හිමි රටවල් 12 අතර දූෂිතම රටක් ලෙසයි ජනාධිපතිවරයා / අග්‍රාමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී ඔවුන් ශ්‍රී ලංකාව පෙන්වා දී තිබුනේ. මෙම නරක තත්වය දිගින් දිගටම පැවතීම මෙරට ටෙස්ට් සාමාජිකත්වය අහිමිවීමට බලපෑම් කරනු ඇතැයිද පෙන්වා දී තිබුණා.
    චෝදනා සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයාට පිළිතුරු ලබාදීමට අද (15) සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ. මේ අතර එංගලන්ත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි සාමාජිකත්වය ලබාගෙන ඇති මාධ්‍යවේදීන් ඇතුලු පිරිස පිලිබද තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදී තිබෙනවා. එක් එක් තරග වෙනුවෙන් තාවකාලික හැදුනුම්පත් ලබා ගන්නා මාධ්‍යවේදීන් පිලිබද මෙතෙක් එවැන්නක් සිදුකළේ නැහැ. එහෙත් මෙවර එය සිදුකිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 07 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.



    No comments