ලංකාවට වැරදුනු තැන
එංගලන්තය සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය
ලකුණු 31 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. මෙම තරගයට පෙර පැවති කණ්ඩායම්
රැස්වීමේදී පන්දු යවන්නන්ට ඉලක්කයක් ලබා දුන්නා. ඒ ලකුණු 275 ක සීමාව ඉක්මවා යාමට
එංගලන්ත පිතිකරුවන්ට අවස්ථාව ලබා නොදෙන ලෙසයි. ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු
යැවීමත් සමඟ එය සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඔහු කඩුලු 05 ක් දවා ගැනීමෙන් අනතුරුව
සිය පිටේ මාලිංග ලෙස නම්කර ඇති බව පෙන්වමින් සතුට සැමරුවා. ජාත්‍යන්තර ක්‍රිකට්
පිටියේ කඩුලු 500 ක් සම්පූර්ණ කර ගැනීමට ද මෙම තරගයේදී ඔහුට හැකි වුණා. දේශපාලන හේතූන් මත වසරක
කාලයක් ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් එලියේ තැබූ මාලිංග යලි පිටියට පැමිණ පෙරලි
සිදුකරන්නේ තේරීම් කමිටුවේ කණට ගසන්නාක් ලෙසයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා
ඉදිරිපෙළ පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ ලැබුනේ නැහැ. ඉදිරිපෙළ
පිතිකරුවන් 04 දෙනෙකු යලි තරග නරඹන්නන් වූයේ මුළු ලකුණු පුවරුව 31 ලෙස සටහන්ව තිබියදීයි.
වැසි ඇද වැටීම හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව
තවත් ලකුණු 31 ක් ලබා ගත යුතුව තිබුණා. ඒ අනුවයි ජයග්‍රහණය එංගලන්තයට ලබාදීමට
විනිසුරුවන් කටයුතු කළේ. තරගයෙන් අනතුරුව ඉදිරිපෙළ පිතිකරුවන් සිය වගකීම නිසිලෙස
ඉටු නොකිරීම පිලිබද පෙන්වා දී තිබෙනවා.
No comments