ජනපති අගමැති ෆයිසර්ව මඟඅරී
44 වන ජාතික මහා ක්‍රීඩා
උළෙල මෙවර පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූණා. ජනාධිපති මෛත්‍රිපාල
සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීමට නියමිත බවටයි ක්‍රීඩා
අමාත්‍යාංශය නිවේදනය කර තිබුනේ. කෙසේ වෙතත් පසුව එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවට වෙනස්
වුණා. අවසානයේදී ක්‍රීඩා උළෙල සමාරම්භක උළෙලට ඔවුන් දෙදෙනාම පැමිණියේ නැහැ. මේ
හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුනේ.
මෙවර ජාතික මහා ක්‍රීඩා
උළෙලේ ගිණිසිළුව දැල්වීම සිදු කළේ 2013 වර්ෂයේ ආසියානු ශූරතාවලියේදී ලෝකඩ පදක්කම
දිනු කේ.කසුන් කල්හාර සෙනෙවිරත්න ක්‍රීඩකයා සමග පස්වන ආසියා දැල්පන්දු ශූරතාවය
දිනාගත් කණ්ඩායමේ ඒ.ජී.එල්.ප්‍රියංගිකා ක්‍රීඩිකාවයි.
පළාත් 09 ම නියෝජනය
කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543 හා නිළධාරීන් 443 දෙනෙකු තරගාවලියට එක්වනු
සිටිනවා. තරගාවලියේ සමාප්ති උළෙල ලබන 14 වන දා ප.ව.2.30 සිට පැවැත්වීමට සැලසුම් කර
තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යධූරය යලි
දයාසිරි ජයසේකර මහතාට ලබාදීමේ සූදානමක් පවතිනවා. ඒ ඔහු ආන්ඩුවෙන් ඉවත් වුවද එක්සත්
ජනතා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීම හේතුවෙන්. ජනාධිපතිවරයාගේ ශීෂෙල්ස් සංචාරය
සමගද දයාසිරි ජයසේකර මහතා පසුගියදා එක්වුනේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ලබන සතියේදී
සුභ මොහොතින් යලි ක්‍රීඩා අමාත්‍යධූරය දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට රජය සූදානම්
වනවා.
No comments