එලියට විසිවූ සෙට් එක
ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය රැකගැනීමේ සටනක නිරතවීමට ක්‍රීඩකයින්ට මේ වන විට සිදුව
තිබෙනවා. එක් තරගාවලියක අසාර් ථක වූ පමණින් එම ක්‍රීඩකයා ඉවතට විසිවන තත්වයක් නිර්
මාණය වී අවසන්. එය එක් අතකින් යහපත් තත්වයක් වුවත් අනෙක් අතින් ක්‍රීඩකයින්ගේ
මානසිකත්වය බිද වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. පසුගිය වසර තුල පැවැත්වූ ජාත්‍යන්තර
ක්‍රිකට් තරගාවලි සියල්ල නියෝජනය කර ඇත්තේ අතේ ඇගිල් වලටත් අඩු පිරිසක්. මේ වන විට
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල් පවා ඊට ඇතුලත්
වන්නේ නැහැ. ඒ සියල්ලට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට පැවැත්වෙන එංගලන්ත
එක්දින තරගාවලියෙන් ඉවතට විසිවී අවසන්. කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට මේ
හේතුවෙන් සෑම අවස්ථාවකම ලකුණු අතර සිටීමට සිදුව තිබෙනවා. පන්දු යවන්නන් කඩුලු ඩැහැ
ගන්නන් විය යුතුයි.
දත්ත
විශ්ලේශනය කර බලන විට ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින් 11 ට ඇතුලත් නොවූ
ජේෂ්ඨ ක්‍රීඩකයින් 11 න් කණ්ඩායමක් සකස්කළ හැක. ඒ අතර දනුෂ්ක ගුණතිලක , දිමුත්
කරුණාරත්න , කුසල් මෙන්ඩිස් , ඇන්ජලෝ මැතිව්ස් , අශාන් ප්‍රියංජන , අසේල ගුණරත්න ,
චරිත් අසලංක , නුවන් කුලසේකර , අමිල අපොන්සු , කසුන් රජිත හා ධම්මික ප්‍රසාද්
සිටිනවා.
No comments