ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගත් දෙවියා
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම
අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා. දඹුල්ල
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු
රැකීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත
කණ්ඩායම වේගවත් ප්‍රහාරයක් දියත් කළා. ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගියේ
මුළුලකුණු පුවරුව 51 ක් ලෙස සටහන්ව තිබියදීයි.
සිය වේගවත් ලකුණු ලබාගැනීම පවත්වා ගත් ඔවුන්
පන්දුවාර 15 ක් නිමාවන විට කඩුලු 02 ක් දැවී ලකුණු 92 ක් ලබා ගත්තා. එතැන් සිට ක්‍රීඩාංගනයට
විටින් විට වැසි ඇද වැටුනා. මේ අනුව තරගය අතහැර දැමීටයි විනිසුරුවන් තීරණය කළේ.
දෙරට අතර දෙවන එක්දින තරගය මෙම ක්‍රීඩා පිටියේදීම ලබන 13 වැනිදා දිවා තරගයක් ලෙස
පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ වේගවත් පිතිකරණය
හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දනින් වැටී සිටි මොහොතක වැස්ස ඇද වැටීම කාගේත් කථාබහට
ලක්වී තිබෙනවා. මේ අතර තරගයෙන් පසු මාධ්‍ය හමුව නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය කටයුතු කළා. ඒ කාගේ උවමනාවකට කවුරුන්ව බේරා ගැනීමට දැයි ප්‍රශ්නයක් මතුව
තිබෙනවා.
No comments