එංගලන්තයට ගහන්න යන සැලැස්ම
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක එංගලන්ත
ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවීමට
නියමිතයි. ඒ දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.
මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් සූදානම් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්
පවසනවා. කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය මේ වන විට හොදින් සූදානම්ව ඇතැයි ඔහු වැඩිදුරටත්
කියා සිටියා. නිමාවූ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ඉවතට විසිවීමට
ශ්‍රී ලංකාවට සිදුවුනේ දුර් වල පන්දු රැකීම හේතුවෙනුයි. එම අඩුපාඩුව හදුනා ගැනීම
හේතුවෙන් පුහුණුවීම්වලදී වැඩි අවධානයක් පන්දු රැකීමට යොමුකර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අවිය වන්නේ දග පන්දු
යැවීමයි. ඊට හොදින් සූදානම්ව එංගලන්තය පැමිණ සිටිනවා. ඔවුන්ගේ දග පන්දු යැවීමේ
අංශයට හොදින් මුහුණදීමට ද ශ්‍රී ලංකාව සැලසුම් සකස්කර ඇතැයි චන්දිමාල් පවසනවා. ලෙව
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්වලට අනුව එංගලන්තය රැදී සිටින්නේ පළමු ස්ථානයේයි.
එය ශ්‍රී ලංකාව සැලසුම් සකස්කිරීමේදී අමතක නොකළ බවත් ඔහු කියා සිටියා. ලබන වසරේ
පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මෙම තරගාවලියේ සිට සිය
ගමන ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වනවා.
No comments