කෝටි 172 ක්‍රිකට් මංකොල්ලයේ මහ මොලකරු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මහා
මංකොල්ලයක් පසුගියදා වැලකී ගියා. ඒ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ වන විට පැවැත්වෙන
ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීමෙන් හිමිවන මුදලයි. මෙම
තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවේ සෝනි ආයතනයටයි.ඒ වෙනුවෙන්
ඔවුන් රුපියල් කෝටි 172 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදිය යුතු වුණා. මෙම
මුදල හොංකොං හි පිහිටා ඇති පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙසයි සෝනි ආයතනයට දැනුම් දී
ඇත්තේ. ඊට අදාල ලිපියට අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානී
පියල් දිසානායක මහතායි.
කෙසේ වෙතත් මෙම ගිණුමේ හිමිකරු ලෙස විකාර රූපී නමක්
තිබීම හා එය විදෙස් රටක ගිණුමක් වීම හේතුවෙන් සෝනි ආයතනයට සැක පහල
වී තිබෙනවා. එහි බලධාරී අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් මෙම ගිණුමට මුදල් බැර
කිරීම පිලිබද විමසීම් කර තිබෙනවා. ඒ සෑම අවස්ථාවකට සැකය පහවන ලෙස පිලිතුරු ලබාදීමට
ඔහු සමත්වී ඇත්තේ අපූරුවටයි. එහෙත් ඔවුන් මේ පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන
විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාගෙන් විමසා තිබෙනවා. ඒ අවස්ථාවේදීයි මහ දවාලේ
සිදුවීමට ගිය මෙම මහා මංකොල්ලය පිලිබද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව
දක්වා ගියේ.
ඇතැම් වෙබ් අඩවි මෙම මංකොල්ලයට පෙර මෙවැනිම
කොල්ලයන් සිදුව ඇතැයි සැක කර තිබුණා. එහෙත් එම අවස්ථාවන් වලදී සිදුකර ඇත්නම් කර
ඇත්තේ වෙනත් විදෙස් ගිණුමක් හරහායි. ඒ මීට පෙර මෙම ගිණුම සමග ගණුදෙනු කර තිබුනේ
නම් සෝනි ආයතනය මෙවර ගිණුම පිලිබද සැක කරන්නේ නැහැ. මෙවැන්නක් මීට පෙර සිදුව
නැත්නම් හිටි හැටියේ මෙවැන්නක් සිදු කිරීමට මූල්‍ය අංශ ප්‍රධානී පියල්ට සිත්
පහළවන්නේ නැහැ. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සේවයට බදවා ගත් මෙම සේවකයා
නිදොස් කිරීමට කරුණු ඉදිරිපත් කරන්නේ ලිඛිත සාක්ෂි ඔහුට එරහිව තිබියදී වීම කැපී පෙනෙනවා.
මේ අනුව මීට පෙර තරගාවලි වලදී මෙලෙසම මුදල් විදෙස් ගිණුම් හරහා සභාපතිවරයාගේ දැනුවත්කම මත හුවමාරු වීමට ඇති බවට උපකල්පනය කළ හැකියි. මෙවර සභාපති නොමැතිවීම හේතුවෙන් තනිව එම මුදල පෙර ආකාරයටම ගෙන්වා ගැනීමට උත්සාහ කළා විය හැකි බවයි පෙනී යන්නේ. කෙසේ වෙතත් හිටපු සභාපතිවරයාගේ නම මෙම සිදුවීමට ගෑවී ඇත්තේ මෙම පියල් සේවයට බදවා ගැනීම නිසාම පමණක් නොව ඔහුව නිදොස් කිරීමට ගන්නා උත්සාහය හේතුවෙනුයි. පියල් වරදකරු බව අපට සාක්ෂි සහිතව මෙලෙස ඉදිරිපත් කළ හැක. හිටපු සභාපතිවරයාගේ භූමිකාව පිලිබද තීරණය ගැනීම නැණ පමණින් කිරීම ඔබට බාරය.

No comments