• Breaking News

    ක්‍රිකට් නිලවරණය කල්යාම ගැන ෆයිසර් කියන දේ


    හෙට පැවැත්වීමට නියමිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයක් නැතුව කල් ගියා. ඒ අභියාචනාධිකරණයේ තීන්දුවකට අනුවයි. එහි සභාපති අපේක්ෂකයා ලෙස තිලංග සුමතිපාල ඉදිරිපත් කර ඇති නාමයෝජනාව නීතියට පටහැනි බව පවසමින් හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතා අධිකරණය හමුවට ගියා. ඒ විත්තිකරුවන් ලෙස 27 දෙනෙකු නම් කරමින්.
    ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති රග්බි සුපර් 7 තරඟාවලියේ කුසළානය නිරාවරණය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව පළාත් සභාපළාත්පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිළවරණයට අදාලව අද සවස ලබාදුන් අධිකරණ තීන්දුවසම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ සදහා පිළිතුරු ලබාදුන්නා
     අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මම තවම උසාවියේ තීන්දුව බලලා නැහැමේ අමාත්‍යාංශයේ විශාල වගකීමක් අතිගරු ජනාධිපතිතුමා මටපැවරුවාඑතුමා එක්ක සාකච්ඡා කරලා රටට සරිලන තීන්දුවක් ගන්න මම ලෑස්තියිඋසාවියෙන් තීන්දුවක් දුන්නානම් අපි  තීන්දුවට හිස නමන්න ඕනේ. තීන්දුව සලකා බලලා  තීන්දුව අනුව කටයුතු කරන්න මම ලෑස්තියි.



    1 comment:

    1. Oh my goodness! Impressive article dude! Thank you so much, However I am encountering troubles with
      your RSS. I don't understand why I am unable to join it. Is there anybody having similar RSS issues?
      Anyone that knows the solution will you kindly respond? Thanks!!

      ReplyDelete